Home

WEB- 306             අධ්‍යාපනයේ විවිධ මංපෙත් සොයමින් මම කාලයක් තරඟ විභාග පසුපස ගොස් ජීවිතය දකින්නට තැත් කළෙමි. අනතුරුව සමාජ සුභසාධක ව්‍යාපාර හරහා ජීවිතය සොයන්නට පටන් ගතිමි. ඉක්බිති කලාව යනු කුමක්ද යන්න සොයමින් දේශපාලන සිහිනයක අතරමංවී හිටිගමන් හේතු රහිතව මැගසින් බන්ධනාගාරයේ ඉතා සතුටින් හිරබත් කන්නට සිදුවූයේ අහඹුවකින් නොවන වග සැබෑවකි.මේ අතර ගුරු වෘත්තියෙන් පටන් ගත් වෘත්තීය චාරිකාව ලේක්හවුස් පත්තර මහ ගෙදරින් නියමිත කාලයටත් පෙර අවසාන කර දැමුවෙමි. ඉන් පසු මධුලෝලත්වයේ සුන්දරත්වය රිසිසේ බුක්ති විඳ එහි සීමාව ඉක්මවා ගොස් නන්නත්තාර වී මරණය අභියසදී ජීවිතය දෙස නැවත ආපසු හැරී බැලුවෙමි. ඉතිරිව තිබුණේ කිසිදා වගකීමෙන් ගැලවීමට නොහැකි මා විසින් ඉල්ලුම් පත් දමා ගෙන්වා නොගත් දරුවන් දෙදෙනෙකු සහ ජීවත් වීමටවත් ප්‍රමාණවත් නොවන විශ්‍රාම වැටුපකුත් මා විසින් ලියා පල කළ පොත් කීපයකුත්, මා සමග සාකච්ඡා කර ගොඩ නගා ගත් ජීවිත කීපයකුත් පමණි. මේ ගැන සිතා මා ප්‍රීතියෙන් පිනා ගිය සඳ මේ මොහොතේ මගේ ජීවිතයේ පළමු අංකය ලෙස තවත් ජීවිතයක් ගොඩනැංවීමක් ලෙසමා ලබාගත් ජීවත දැනුම තම නැන පමණින් අනෙකුන්ට බෙදාදීමට තීරණය කලෙමි. මේ සඳහා අනෙකාගේ ආධ්‍යාත්මයට ප්‍රවේශ වීමට ආධ්‍යාත්මික විද්‍ය්‍යාවක් හරහා ජ්‍යෝතිශ්ශාස්ත්‍රීය හැදෑරීම් ගැලපෙනවග ඉවෙන් මෙන් මට දැනෙන්නට විය.

 වෙන්න තිබෙන දේ සොයනවාටත් වඩා කල යුත්තේ මොනවාද යන්න විමසීමට ජ්‍යෝතිශ්ශාස්ත්‍රීය දැනුමෙන් මිනිස් හදවත ස්පර්ෂ කිරීම සංවේදී වැඩකි. ජෝතිශ්ශාස්ත්‍රය වනාහී මිනිස් අත්දැකීම් සාගරයේ විභවයේ අදහස් සැකසුම සොයා මිනිසාගේ අධ්‍යාත්මික ස්පන්දනයේ සුසර බවේ රිද්මය විමසන දැනුම් පද්ධතියකි. ආධ්‍යාත්මිකව සලකන විට අහස තියෙන්නෙ තවත් අහසක නොව තම හිස තුලම බව අවබෝධ කර ගැනීම භෞතික මත වාදයන් හෙලා දැකීමක් නොව ඊට හිමි නිසි ගෞරවයේ ආධ්‍යාත්මික ප්‍රකශනයක් බව මට අවබෝධ විය. සියල්ලන්ටම වඩා මිනිසාගේ පාදඩ ජීවිතයේ අගය කොතෙක් දැයි සොයන්නට ගායක් තාමත් මා තුල ඉතිරිව තිබේ. එහෙයින් හිතන්නට ලියන්නට කියන්නට කියවන්නට තවමත් ඇත්තේ නොනිමි ආශාවකි. එහෙත් මා කම්මැලියෙකු නොවන්නේද නොවේ. උපේකා කේන්ද්‍රය වනාහී කුමක්දැයි තීරණය කිරීම මා නොව ඔබ විසින් කළ යුතු කාරියක් බව මම විශ්වාස කරමි.

  – ජගත් මාරසිංහ –

                                                                                              උපේකා කේන්ද්‍රයට පිවිසුම.

 12308895_448214175362810_593602531_n

වෙබ් ජාලා

පෝෂණ අවකාශයේ

මාරෙගේ

වෙබ් විරිත

රොෂාන් සහෘදයා අතින්

2015 නොවැම්බර් 29 දින

ජනගත වූ අයුරු. 


Image result for home buttonRelated imageImage result for contact buttonImage result for about button  
ආපසු