හදේ සැත්කම නොසලකා හවතද ගලවා ඉවත දමලා
ඒල්ලිලා බස් එකක තනියම සියලු වැඩ පසුවටම තබලා
අළුත් කොළු කෙල්ලන්ගෙ සිහිනය ඉටු කරන්නට මුහුද බලලා
මටත් හිතෙනව ගාලුමෝදර නිදා ගන්නට තනිය මකලා
ගෙදර හිටියත් නුඹළගේ හඬ විසිහතර පැය කනට වැටිලා
කිසිත් නෑහෙයි සියළු හඬ පීරමින් තොප හද මසිත ඇඳිලා
දඩ දඩස් දඩ බඩස් ගාමින් කනට ඇහෙනව මහද කිපිලා
බැරි උනොත් දිවි පුදන්නත් අප පරපුරත් ඇත පෙල ගැසීලා
