ආදරය කිව්වම ඇති-

මා මීමන ප්‍රේමතිලක කවියා “මියගිය දරුවෙක්” නමින් ලියූ කවි පංතියක් කියවා තිබේ. ඒ 1974‌දී පමණය. ඒ කව් පන්තියේ දෙපදයක් බොහෝ රසිකයන්ගේ මෙන්ම මගේද මතකයේ තිබිණ. මීමනයන් ඒ කව් පන්තියේ එක් තැනක මෙසේ ලියයි. සුනිල් – සරත් – සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අහෝ! කොහේද ඒ ගියේ.
පුතුන් තිදෙනාගෙන් මුලින්ම සමන් මිය ගිය වේදනාව ශෝක රසයක් ජනිතකරමින් මීීමනසිය රසිකයන්ටද බෙදා දුන්නේ එසේය. ඒ රුවන් තුනින් ජනතා වාදී දේශපාලනයෙන් පමණක් නොව හෘදයාංගම බවින්ද, පත්තර කලාවෙන්ද, මනුෂ්‍යත්වයන්ද තවත් අමුතුම රුවනක් ආදරය පමණක් ඉතිරිකර අද කවුරුත් කවදාහෝ යන ගමනක් ගොස් තිබේ. සුනිලයන් ගැන බොහෝ දේ ලියන්නට ඇති මුත් අද පවතින සමාජ කතිකාවට පිටින් දිගට ලියන්නේනම් එය වෙනම කළයුතු වැඩක් වන්නේය.
අවසන් වරට මොරටුවේදී ඔහු මා හමුවී ජීවිතය ගැන බොහෝදේ කතා කළේය. සුනිලයන්ගැනද අහසින් කියවීමට මා ප්‍රිය කළද මා මේ මොහොතේ නිහඬ වන්නේ කලාවට පවතින දේශපාලන බලයක් නිසා නොව බ්ලොක් කරුවෙකුගේ ස්වයං වගකීම ගැන වැටහීමක් ඇති නිසාය එහෙයින් සුනිල් මාධවට ‌”මාරසේ” සෝකය ලියන්නට මාධවයන්ගේම පියතුමා වන මීමනයන් සුනිලයන්ගේ සොයුරු සමන් වෙනුවෙන් ලියන ලද මේ පද පෙල පමණක් දැනට සටහන් කළෙමි.

සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින්
හඳත් වැසී තිබේ වලාකුළින් නබෝ ගැබේ
මොකෝ සොබාදමේ පවා මෙසේ විසේසයක්?
හ හා! හ හා! කුඩා බබෙක් නිදයි මිනී වළේ

බුදුන් – දහම් – සඟුන් ළඟින් රැකු නිරන්තරින්
පියම්බිකාවගෙයි මගෙයි දයා බැදුම් ලැබූ
සුනිල් – සරත් – සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අහෝ! කොහේද ඒ ගියේ

විකාස පද්මයෝ නැසෙත් සැඳෑ වළා බලා
එහෙත් උදේ පිපෙන් විලේ සහස් රැසින් තෙමී
නෙළුම් මලක් වගේ වෙමින් සමන් පුතේ යළිත්
මටයි මගේ පියම්බිකාවටයි පුතා වෙයන්

ජගත් මාරසිංහ

02 24 2022

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s