
ඔව් භීෂණය අවසාන වෙලා වැටිච උන්ලා ඔක්කොම නැගිටින හෝ නිදාගන්න කාලේ. එක බේබද්දෙක් පාන්දරලු. කැමරාව අතින් ඇරියේ නැහැලු. අනේ ඒකා සොයිසා පුර පැලැට්ස් ඉදිරි පිට හන්දියේ වැටිලා. ඒකාට පේන්නේ උඩ විතරයි. ඒදායින් පස්සේ ඒකා බිම බලනවාට වඩා බල්නේ උඩලු. මොකද සාමාන්‍ය මිනිස්සු බලන්නේ මහ පොළව මතුපිට විතරයි. ඒත් බේබද්දෝ හිතින් පොළවේ යට බලනවා. උඩ අහස බලනවා වැඩී. උන් මතුපිට පොළව ගැස සැලකීමක් නැහැ වගේ උඩ බලන් යන්නේ මතුපිට පොළවේ යන අයට තියන ඇස් සිවිල් නිසා වෙන්න ඇති. ඉතින් උන්ට කුරුල්ලෝ, වලා කුළු, අහස් යානා දැකලා මහපාරේ යන යන සිවිල් මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙන වෙලාවලුත් තියනවා. ඒවගේ දර්ශනයක්ද මේ. කාට හැකි ඒ කාලේ සොයිසාපුරේ පැලැට්ස් වලට හැරෙන තැන් වල අහස බලලා ක්ෂකව මෙ අහවල් තැන කියන්න. හැබැයි අහස බලපු අයට විතරයි. මේක දකිනකොට මුලු සොයිසාපුරේම ඉතිහාසය මතක්වෙනවා. අපි මේකට කිහමු තාක්ෂණික තුන්මන් හන්දිය කියලා. මෙතන තාම එච්ර වෙනස් වෙලා නැහැ. ඒකත් දිග කතාවක්. අනික තට්ටු නිවාස වල හිටපු කට්ටියට බිම බලලත් උඩ බලලත් හොඳට හුරුයි. ඒ තුන්මන් අහසේ වසර ගානක් ජීවත් වුන මිනිස්සුන්ගේ හැටිද දන්නෙත් නැහැ. මේ කම්බි දිගේ ගිහින් බිම බලලා විස්තර කියන්න මතකයි. ඒත් කවුරුවත් ඒ වගේ අය කියන දේවල් බැලුවත් බැලුවා කියලා කියන්නේ නැහැ. පැලැට්ස්වල ජීවිතය හරි රස්නෙයි. ඒත් පාන්දරය සීතයි. සොයිසා පුර මහල් නිවාස වලට හුළං ඒන්නේ අඟුලාන මුහුදේ ඉඳන්. පිලියන්දල පහත රට ගස්කොලන් පීරගෙන ඒන සුළඟත් තට්ටු නිවාස සංකීර්ණයෙ එකට හැප්පෙනවා. මුලු ලංකාවෙම සීවිත වළ අර්ධයක් සොයිසා පුරයේ තිබ්බා. කළා කාරයෝ, දෙමෙල්ලු, සිංහලයෝ මුස්ලිම්ලා සහ බර්ගර්ලා වගේ අය වගේම විදේශිකයොත්.ඒ ජීවිතේ මාරයි. එන්න. තට්ටු නිවාස වල ආදරය සහ දැනුම සොයන්න. නවගත්තේගමලා සුගතපාලලා විතරක් නෙවේ තවත් බොහෝ කලාකාරයන්ගේ හදවත අවධි කරපු අහසින් පොළවට විඳිිිිින්න. එකොට තේරෙයි අහසින් පොළවට කියන්නේ පො ලොවෙන් අහසට කියලා නෙවේ මහපොළව මතුපිටට කියලා. පොළව යට ගැන දැනෙයි. සැබෑව දැනෙයි. සමාජ විද්‍යාවේ ඇත්ත ආදරය පසක් වෙයි. අච්චාරු නාගරික ජීවිතය කියන එකට සිවිල් බලය කියන්නේ විකාරයක් කියලා දැනෙයි. නාගරිකයන් හා ගැමියන් අතර පරතරයක් නැහැ කියලා දැනෙයි. කොළඹ හතත් ලස්සනට පේන්න ගනී. එන්න සොයිසාපුරේ තාම කොන්කිට් මල් පිපෙනවාද කියා දකින්න නොව සොයිපා පුර කොන්කිට් මලුත් සැබෑ සමන් පිච්ච මල් කියා දකින්න. ඒවායේ සුවඳ සහ ඕකිඩ් මල් වල සුවඳ කියන්නේ දෙකක් නොව ඒකකටත් වඩා ඒ මිනිස් සුවදැයි කියා දකින්න.
ජගත් මාරසිිංහ
30 11 2020
Like this:
Like Loading...