වයසට ගිය හඳ

980219_421262284648671_54347829_o_InPixio

(එකම ‌දේ ‌දෙවතාවක් සිදුවන්නේ නැත යන්න ‌මේ වන විට විහිලුවක් වී හමාරය. දැන් අපට කළ යුතුව තිබෙන්නේ එම පරිවර්තනය එකම ‌දේ එකම විදිහට ‌දෙවතාවක් සිදුවන්නේ නැත කියා ‌වෙනස් කිරීම පමණී.)

             අන්තර් ජාලයේ නන්නත්තාරේ ගමනේ යන විට ලයනල් ‌වෙන්ට් ‌ගේ “AND THE MOON WAS SHINING CLEARLY” නමින් යුත් කැමරා චිත්‍රයක් හමූ වී ඒ ගැන ලියනවාටත් වඩා ඒ මත යමක් ලියන්නට අදහසක් ඇති වුනා. සමහර විට ඒ ‌මේ ‌මොහොතේ අව පක්ෂයේ සුළඟේ පවතින වියලි සිිසිල් බව නිසා වීමටත් පුලුවන්. ඔන්න ඉතින් දැන් ඊනියා තාත්ත්‍රිකයෝ කියයි සඳ එළිය පැහැදිලිවම බබලන්නෙ නැහැ කියලා. අවසානෙට කියයි සඳ තියෙන්නේ අහසේ ‌නෙවේ අපේ ඔළුවේ කියලා. නැත්නම් ‌මේ ඡායාරූපය ‌රොමැන්ටික් කතන්දර වලින් අසරන කරලා අමාවක කළුවර පිළිඹඳ කලු කතා ලියයි. එහෙමත් ‌නැත්නම් ලාං‌කේය බුද්ධිමය සම්ප්‍රධායේ තවත් එක් ජනප්‍රිය විදිහක් වන දැක්කත් ‌නොදැක්ක වගේ න්‍යාය තවකෙක් අනුගමනය කරන්න පුළුවන්.

             සඳ කියන්නේ සං‌කේත ‌පොකුරක්. ඒක ‌කොයි රටෙත් එහෙම තමා. නමුත් මට ව්‍යාධ ‌දේව කියලා තියෙන්නේ ස්වදේශිකයෝ කියන්න‌ෙ අමුතුම ආරකිිිින් චන්ද්‍රයාට ආදරය කළ පිරිසක් කියලා. ව්‍යාධ කියන එකත් ‌ලේසියෙන් අහක දාන්න බැහැ. ව්‍යාධ කියන්නේ ස්වදේශිකයන්ගේ දඩයම් ‌දෙවියා. හඳ කියන්නෙ ජනප්‍රිය ස්ත්‍රී සංඥාවක්. තවත් ස්ත්‍රී ප්‍රබල සංඥාවක් වන භගමතී ශක්තියේත් බලවත් බව තියෙන්නෙ වජ්‍රයානයේ පමණක් කියන්න අපේ ස්වදේශිකයෝ එදා ලෑස්ති වුනේ නැහැ කියලා කියන්න ඔ්න තරම් සැබෑ කතන්දර ‌තියනවා. කොහොමත් අන්තිමට ගත්තම ගත්තම භගමතී ශක්තිය කියන්නෙත් චන්ද්‍ර ශක්තියම තමා. ‌‌බෝඩ් ලෑලි උස්සන් ‌කොළඹ වටේ පාරවල්                                දිගේ ‌නොගියට ලයනල් ‌වෙන්ට් කියන්‌නෙත් එයා පටන් ගත්තා කියන හතලිස් තුනේ කණ්ඩායම කියන්නෙත් ස්වභාවයාට කලාත්මකව ආදරය කළ කට්ටියක්ඒවගේම එයාලා විද්‍යාත්මකවත් ආදරය කළා. හැබැයි අද වගේ ‌නෙවේ කාල අවකාශ නියමයන්ට යටත්ව. ‌මේ අතර වෙන්ට් ‌හිරු එලියට ‌වෙනස් විදිහකට ආදරය කළ බව එයාගේ නිර්මාණ වලින් කදිමට ‌පේනවා. ආයේ ඒකේ දෙකක් නැහැ. ඒත් සැබෑ කළාකාරයෙක් විදිහට සඳ එළියත් කිසිදා එයා අමතක කළේ නැහැ.

                ආදරය ලැබීමෙන් පමණක් ආදරය සම්පූර්ණ ‌වෙන්නේ නැහැ කියන කාරණය එයා දැනගෙන ඉන්න ඇති. ආදරය කරලා හිස් ‌වෙන තරමට තමා ලැබෙන ආදරය පුරව ගන්න තැනක් අපට ලැබෙන්නේ කියන කාරනයත් ප්‍රත්‍යක්ෂයක්. ආදරය කරන තරමටම ආදරය ලැබීමත් ‌‌දෙකම අන්නෝන්‍න්‍ය වශයෙන් සම්බන්ධ ‌වෙනවා. ‌කොටින්ම ඒ ‌දෙකම නැත්නම් ආදරය කියලා එකක් කරන්න ‌කොහෙත්ම බැහැ. ආදරයක් නැතිනම් සඳක් ‌මොකටද? ‌කොටින්ම ආදරයක් නැතිව කලාවක් පවතින්න විදිහක් නැහැ.

                 ඒ ‌ඔක්කොම තිබ්බත් සඳ ‌බැබලෙන්නේ නැති ‌වෙන්න පුළුවන් කියලා ඇතැමෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නෙ ‌මෝඩ කමටම නෙවේ. තක්කඩි කමටත් ‌නෙවේ. ‌ ආන්න එතන තමා ‌සමහර බුද්ධිවාදීන් පිරිසක් වැරදිම ‌හොයන ථේරවාදයේ වටිනාකම තියන තැන. යම් සමාජ ප්‍රවනතාවයක් බලයක් බවට පත් වූ කල යම් යම් ‌දේශපාලනික ‌හේතු මත

                   නිර්මාණය ‌වෙන සමාජ විරෝධී ගති සාධාරණයි කියන කතාවට එහෙයි කීමක් ‌‌‌ථේරවාදයේ වටිනාකම මතුකිරීමෙන් සිදුවෙන්නේ නැහැ. ‌තවත් පැත්තකින් ‌මේ ලවක් දිවක් නැතිව හිටපු ගමන් මතුවන ‌තේරවාදී විරෝධ්‍ය සමාජ හිතකාමී ආකාරයට සැබෑ ‌දේශපාලනික මුහුණුවරකින් මතුවෙන්නේ නැහැ කියන එකත් ඇත්තක්. ඒ විරෝධයේ සාධාරන තැන් ඇතත් ‌මේ සිදුවෙන්නේ ‌වෙනම ‌දෙයක් බව පැහැදිලියි. ‌‌‌

                     හඳ කියන ප්‍රපංචය අහසටවත්, විද්‍යාවටවත්, කවියන්ටවත්, කාටවත් අයිති ‌දෙයක් ‌නෙවේ. එහෙම අයිතිය කියනවා වගේම ඒක එහෙම ‌නෙවේ කියන්නත් ඊට වඩා කාරනා තියනවා. වැදගත් ‌වෙන්නේ ඉරක් නැතිව සඳක් තියනවාද කියන තර්කයත් ‌නෙවේ. ඡායාරූපකරණය ‌වෙන්ට්ගේ විනෝදාංශයක් පමණක් ‌ලෙස ලියවී ඇතත් එයා එක ‌ආළෝක ‌ගොදුරකින් ඒ යුගයෙදි පවා ‌ගොඩක් ‌දේවල් අල්ලගන්න සමත්වෙලා තියනවා.‌

                 මේ ඡායාරූපයේත් රූප නායිකාවගේ විලාසිතා සහ එක් අතක තිබෙන සහ සහ ඉදිරි පසත් පසුපසත් වස්තු සංවිධානයද ඉතා වැදගත්. ‌එදා කාලයට සාපේක්ෂකව යුගයේ අදාල ‌විෂය දැණුමද භාවිතා කරමින් ‌වෙන්ට් ඔහුගේ ස්වාධීන සිතීම අපට දැනුම් ‌දෙන්න  නිර්මාණාත්මකව ‌උත්සාහ කරනවා. ඉතින් 43 කණ්ඩායම කියන්නේ කලාව කියන කතන්දරේ උඩින් පල්ලෙන් අතපත ගාපු කට්ටියක් ‌නෙවෙයිනේ. ඒ ඔස්සේ ‌මේ සටහනින් මා විසින් මතුකරන්න තැත් කළේ ‌වෙනම ‌‌දෙයකට ඇරඹුමක් ‌වෙන්න පුළුවන්. ඔව් ‌වෙඩි තියන්න ඉස්සරලා දැනුම් ‌දෙන එක සංසාරයේ දඩයක්කාරයෙකුගේ ශිෂ්ට ගතියකටත් වඩා පුරුද්දක් ‌බවත් කියන්න ‌සයිමන්ව සිහි කරන්න ‌වෙනවා. ඉංග්‍රීසියෙන් හිතන පංතියක සිට සිංහල සහ දෙමල කතාකරන අය සමග ගණුදෙනු කළ ‌වෙන්ට් ලා කාල අවකාශ තත්වයන් සම්බන්ධව ඉතා ‌හොඳින් දැනගෙන ඉඳලා තිබෙන බව එයාලාගේ නිර්මාණ වලින් සහ කියපු කරපු ‌දේවල් වලින් බලාගන්න පුළුවන්.

                  ජාතික සිනමාවක් ගැන රැල්ලක් තිබ්බ කාලෙක ජයවිලාල් ‌විලේගොඩ නැමති සිනමා විචාරකයා  බොම්බේ හාමු චිත්‍රපටය විවේචනයක ලියලා තිබ්බා මතකයි ‌බොම්බේ හාමු ලංකාවට එද්දි ‌බොම්බේ නතර ‌වෙලා වගේ කතාවක්.‌ කොමිනියුස් ප්‍රකාශනයේ තියන ‌ලෝකයේ අස්සක් මුල්ලක් නෑර යන ප්‍රාග් ධනයේ අවතාරය නම් ලංකාවට ආවේ එංගලන්තේ ඇඳුම් වලට උඩින් ඉන්දියාවෙ ඇඳුම් ආයිත්තනුත් ඇඳගෙන කියලා අපට කියන්න පුළුවන්. දැන් එන අවතාර එන්නේ ඇමරිකාවේ, චීනයේ සහ ඉන්දියා‌ෙවේ සිට බව කාටත් පැහැදිලියි. අද අවතාර ස්ථාන ගත ‌වෙලා තියෙන්නේ හතරවෙනි ‌ලෝකයේ සයිබර්ල වලා කුළු වල. බය වෙන්න ‌දෙයක් නැහැ. ඒ රටවල් තුන දන්නෙත් නැහැ තවම ‌මේ ‌ලෝකෙට  ‌මොකද ‌වෙන්නේ කියන එක ඇත්තක්. සමහර කාල තියනවා ‌දේවල් බලා ඉන්න කාල. හැබැයි ‌මේ එහෙම කාලයක් ‌නෙවේ. ‌මොකද පරිභෝජන පිස්සුව කියන්නේ එසේ ‌මෙසේ පිස්සුවක් ‌නෙවේ. සැලසුම් සහගත නැති අනියම් අතිරික්තය ‌අසම්භාව්‍ය ‌ලෙස සමාජය තුළ වරින් වර ‌බෙදී යාම පළමුව පිස්සුවක් ‌ලෙස සිදුවන බවනම් සැබෑවක්. ‌දෙවනුව ගැන හිතනවට වඩා ‌හොඳ ඇත්තටම ඒක ඒ ‌මොහොතෙදි බලා ගැනීම. ‌

ජගත් මාරසිංහ

2019 08 19

68756011_2031763560261897_6457528340793262080_n

                   ලයනල් ‌වෙන්ට්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s