සුුුදු නොවන සුදු තරුව
හැලේ මරියා බෙරී (උපත; 1966 අගෝස්තු14) ඇමරිකානු නිළියක් සහ හිටපු විලාසිතා නිරූපිකාවකිි. “මොන්ස්ටර්ස් බෝල් “චිත්රපටයේ රංගනය වෙනුවෙන් ඇය 2002 දී හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානය දිනා ගත්තාය. 2014 වන විට අප්රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ප්රධාන චරිතයක් සඳහා ඔස්කාර් සම්මානය දිනා ගත් එකම කාන්තාව බවට ඇය පත්විය. හොලිවුඩයේ වැඩිම වැටුප් ලබන නිළියක් වන ඇය රංගනයෙන් දායක වූ චිත්රපට කිහිපයකම නිෂ්පාදන අංශයටද සම්බන්ධ වී ඇත. ඇය පිවරුන් දෙදෙෙනෙකුගේ පුුතකු සහ දුවකට මව් පදවිය දරයි. විලාසිතා නිරූපිකාවක් වශයෙන් සිට රංගනයටද පිවිසි ඇය මොන්ස්ටර්ස් බෝල් (Monster’s Ball-2001) චිත්රපටයේ රඟපෑම වෙනුවෙන් 2002 දී හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානය දිනාගත්තාය.
මොන්ස්ටර්ස් බෝල් චිත්රපටයද එසේ මෙසේ නිර්මානයක් නොවන්නේමය. මානව දයාවේ ප්රතිවිරෝධයේ මිහිර ඇමරිකානුවෝ විඳගන්නේ කොතනින්දැයි කුකුසක් (2000) ශතවර්ශය ආරම්භයේදීම මතු කිරීමට මොන්ස්ටර්ස් බෝල් සිනමා නිර්මාණයට හැලේ බෙරිිගෙන් සිදුවූ දායකත්වය කිසිදා රසික සිත්වලින් ගිලිහී නොයන බවද සැබෑවකි. කුමන හෝ ආගමක හෝ දර්ශනයක නාමයෙන් බොහෝවිට විස්තර කරගන්නා වූ මානවීයත්වයේ සැබෑව ඇත්තේ ආගමික පොත් පත් පිටු අතර නොව සැබෑ මිනිසුන්ගේ සැබෑ ජීවත්වීමේ කලාවේ එක්තරා අන්තයක බව 2014 වන විට සුදු ජාතික නොවන නිලියක් රඟ පෑ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද මොන්ස්ටර්ස් බෝල් නිර්මාණය ආසියාවටද ඇඟිල්ලෙන් ඇන පෙන්වා දුන්නා සේය. සැබෑවටම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද අප්රිකානු – ඇමරිකානු සම්භවයක් ඇති එකම කලු ජාතික කාන්තාව වන්නේද ඇයයි. කාලයක් ඇය හොලිවුඩයේ වැඩිම වැටුප් ලබන නිළිය වූ බවද සඳහන් කිරීම කාලෝචිත වන්නේ දේශපාලනික හේතු කාරනා යටපත් විය හැකි බැවිනි.
මේෂ ලග්නයෙන් ඉපදී ඇති ඇයගේ නිරයන අහස් සටහනෙහි රවි ,සඳු, බුධ, සිකුරු සංයෝගය ගැන ලිවීමට මෙම ලියවිල්ලට අදාල නොවන වග සැබෑවකි. මන්ද ග්රහයෙකුෙගේ නම ලියූ පමණින් එය කියවා දැමීම නතර කර දැමීමේ ඇතැම් පාටක ප්රවනතාවක බුද්ධිමය විලාසිතාවේ පුනරුද යුගයේ පශ්චාත් විහිළු තත්ත්වයන් අමුවෙන් නිරුවත් කිරීම ”මාරසේ” සිරිත නොවිය යුතු බැවිනි.
උපත මාරියා හැලී බෙරීAugust 14, 1966 (වයස 52)
ක්ලෙව්ලන්ඩ්, ඔහියෝ, එ.ජ.
නිවහන ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා
උගත් ශාස්ත්රාලය Cuyahoga Community College
වෘත්තිය
නිළිය නිරූපිකාව චිත්රපට නිෂ්පාදක
සක්රීය වසර 1989 – වර්ථමානය තෙක්
කලත්රයා(යන්) ඩේවිඩ් ජස්ටිස් (වි. 1993; දි. 1997)
එරික් බෙනට් (වි. 2001; දි. 2005)
ඔලිවර් මාටිනස් (වි. 2013)
සහකරු(වන්) ගේබ්රියල් අවුබ්රි (2005–10)
දරුවන් 2
https://123moviespro.net/monsters-ball
සටහන- ජගත් මාරසිංහ- 2019/08/03