අපි ඔක්කොම ඔයාට ආදරෙයි !!! Jagath Marasinghe ජගත් මාරසිංහ / November 9, 2018 මම අපේ ඉස්කෝලේ කියන්නේ මිනුවන්ගොඩ නාලන්දෙට. ඒත් අපේ ඉස්කෝලෙ කියනකොට මට නම් වැදගත් වෙන්නේ ගොඩනැගිලි, ඩෙස්බංකු, පුටු සහ ගල්ලෑලි, කලුලෑලි, සහතික නෙවේ. එදා හිටපු මිතුරු මිතුරියන් සහ ගුරුදෙගුරුන් අපේ හදවත්වල තබන ලද නොමැකෙන සටහන්. මිනු නාලන්දා මිශ්ර පාසැල 1972 දී පමණ ගැහැණු පිරිමි පාසැල් වශයෙන් වෙන් කරනවා. 1978 උසස් පෙල ගණිතය විෂය සඳහා අවට පාසැල් වල පහසු කම් නැති බැවින් බාලිකාවන් සිව් දෙනෙක් අපේ පන්තියට එකතු කරනවා. එදා අපි එකිනෙකාට ඇති කරගත් ආදරය අදටත් වෙනස් වෙලා නැහැ. එතන හිටපු පෙර කල සකල කලා වල්ලබ යුව රජුගේ රාජධානිය වූ උඩුගම්පල ගම්මානයේ දිවි ගෙවූ චන්ද්රිකා සොයුරිය දරු දෙන්නත් තම දරුවන්ගේ පියා වූ ආදරවන්තයත් තනිකර යන්නම ගිහින් කියලා ඊයේ රෑ ආරංචි වූ නිසා ලෙඩ පැත්තකින් තියලා මමත් අද උදේම ඇයව බලන්න ගියා. අපිත් එක්ක කතා බහ කරන්න එයාට අද බැරි එක ඇත්ත. ඒත් ඇය මට පේන්න නිහඬ උනේ නැහැ කියලා හිතෙනවා. මොනවදෝ මන්දා ලොකු දෙයක් අපිත් එක්ක එයා කතා කළා වගේ. මේ මොහොතේ මට කරන්න හැකි එකම දේ එයා යන්න ගිහින් කියන ආරංචිය නොදන්න කෙනෙකුට අහම්බෙන් හරි බලන්න ඊ පවුරේ සටහන් කරන එක විතරයි. අපේ පන්තියේ ගොඩක් අය ඇවිත් හිටියා චන්ද්රිකා. අපි ඔක්කොම ඔයාට ආදරෙයි. මම දන්නේ නැහැ හැකියාවක් තියනවාද කියලා. හැකියාවක් තිබ්බොත් ආයෙත් ඇවිත් යන්න එන්න. -මාරේ- Share this:Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to share on Skype (Opens in new window)MoreClick to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Tumblr (Opens in new window)Click to share on Pinterest (Opens in new window)Click to email this to a friend (Opens in new window)Like this:Like Loading...