සුවඳයි මචං

sdf

පමා වූ මතකය

           කේ කේ සමන් කුමාරගේ මග පෙන්වීමක් අනුව මගේ කැත කතුන්ගේ පොතට පත්තරෙන් වැඩක් කරගන්න මම 2000දී ලේක් හවුස් ආයතනයට ගිය ආකාරය අද මෙන් මතකයි. එතනදි තමයි සනත් බාලසූරියව මට මුන ගැහෙන්නේ. ඒ ගමනින් සනත් බාලසූරිය සමග අනිල් අරුමපුර සහ රංජන් අමරරත්න කියන සහෘදයන් සමග සාහිත්‍යය ගැන ගොඩක් දේවල් බෙදාගන්නවා. පස්සේ මාත් ලේක් හවුස් එක රස්සාවට තෝර ගන්නේ දහසක් බලාපොරොත්තු ඇතිව. එහෙත් මගේ ලෝකයේ ඒ බලාපොරොත්තු විසූවියස් ගිනිකන්ද පාමුල හදපු කඩදාසි ගෙවල් බවට පත් වුණා. ඒ එකක්වත් පුද්ගලික බලාපොරොත්තු නෙවේ. එදා සමාජ චලිතයේ විදිහ අකුරු කීපයකින් නම් කෙසේවත් ලිවිය නොහැකියි. මා ලේක් හවුසියට යනකොටම අනිල් වෙන වැඩකට ගෙදර යනවා. බෝම්භ කන ලඟ පිපිරෙනවා. ආණ්ඩු පෙරලෙනවා. සනත් දේශපාළන හේතූ මත උපන් රටින් පිට වෙනවා. සනත් යන්නේ තනියම නෙවේ. සිය සෙවනැල්ල වූ දේවිකාවත් සමග. ගැහැනු ගැන දෙයක් ගැහැනියකගෙන් අහලා කුමක් හෝ සැබෑ දෙයක් දැනගැනීමට හිටි වාමාංශික දේශපාලනික අවකාශයක හැදී වැඩී ඉතිරි වී සිටි විශේෂ ඉතිරික් දේවිකා. මේ නික්ම යාමේ දේශපාලනික පැත්ත මහ දිග කතාවක්. එකිනෙකා කුමණ දේශපාලනික ප්‍රතිවිරුද්ධ මත දැරූවත් අපේ මිත්‍රත්වයට සහ කලාව සම්බන්ධව තිබි කතිකාවට නම් අබ මල් රේනුවක පලුද්දක් වුනේ නැහැ. කවුරු කොහොම කිව්වත් මේ වන විට අච්චාරුවක් වෙලා තිබුනත්, ඒ ලාංකේය වමේ සංස්කෘතියේ හැදෑරීමකට ලක්විය යුතු එක්තරා හැඩයක් වෙන්න පුළුවන්.

        දිගු කාලයකට පසසේ සනත් එහෙ ඉඳන් පරිවර්තන සාහිත්‍යයට අත පොවනවා.ගිය අවුරුද්දේ සංජීව වඩිගමංගාවගේ අත්සනකින් යුත් සනත් බාලසූරිය විසින් පරිවර්තනය කරන ලද “ගර්හාව” පරිවර්තන කෘතිය මා අතට ඔහු විසින් පත් කරන්නේ ඒ මිත්‍රත්වය වෙනුවෙන්. නමුත් ඒ මගේ රෝගී කාලයේ ආරම්බය. මම කල් පහුවෙලා සනත්ගේ පොත  බලන්න ගන්නේ සනත්වයි දේවිකාවයි බලන්න ගන්නවා වගේ.

           මමද පරිවර්තන සාහිත්‍යය නිසා ගොඩ ගිය මිනිහෙක්. අපේ කාලේ  කියවන්න පරිවර්තන නොතිබුණා නම් අපිට තවම ඉන්න තිබුණේ කැලේ කියන එක ප්‍රසිද්ද රහසක්. ඒ නිසාම පරිවර්තනයක ගඳ සුවඳ මටත් යහමින් දැනෙනවා. ඒක හින්දා සනත්ට කියන්න මට වචනයක් තියනවා. ඔව් ,එකම එක වචනයක්.

සනත්!   උඹේ “ගර්හාව“  සුවඳයි.

          මෙතනදි වඩාත්ම වැදගත් වෙන්නේ  මේ මතකය පොදු මතකයක් වෙන්නේ කොතනින්ද කියන එකයි. ලෝකයේ විවිධ දේශපාලන හේතු මත තමන් උපන් බිමින් වෙන් වෙච්ච බොහෝ පුද්ගලයන් නැවත කුමක් හෝ පොතක් පතක් ලියලා තියන වග සැබෑවක්. ඒත් අපේ කොදෙව්වේ බොහෝදෙනා පසුගිය වැදගත් යුගයක මෙහෙන් අරගෙන ගිය වටිනා තොරතුරු රහස් වශයෙන්ම තමන් ගාව සඟවගෙන නැවත ලංකාවට ගොඩ බැස්සේ පතෝල කරල් වගේ අත් වන වනා. ඒ තත්ත්වය ලාංකේය දේශපාලනික ඉතිහාසයේ මහා හිදැසකට හේතුවක් වුණා.

       මෙවන් වකවානුවක ඔබ ඊට ඉඳුරාම වෙනස් මගක් අරන්. පොතක් කරනවා වගේම උඹ පරිවර්තන සාහිත්‍යයටත් අත තිබ්බා. කොඑට්සිගේ “Disgrace”  “ගර්හාව” නමින් පරිවර්තනය කරමින් ඔබේ රටේ සිංහලෙන් කියවන සාහිත සගයන්ට සාහිත්‍යය රසය වගේම තමන් කැමති මතවාදයේ සුවඳ ගැනත්  සංකල්ප රූප ඇසුරින් බොහෝ දේ කියන්න සමත් වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි.  උඹ ගතින් වෙන් වුනත් සිතින්  ලංකාවේ අපි එක්ක ඉන්නවා කියලා තහවුරු කළා.

 සුවඳයි මචං සුවඳයි.

ජගත් මාරසිංහ

2017 සැප්තැම්බර් 21

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s