ඇය නොදන්නා ඇගේ ශක්තිය

“ඇය නොදන්නා ඇගේ ශක්තිය“
මෙහි පල කර ඇත්තේ වසර විසි හතකට පෙර අනාවරණය කරන ලද පැරණි දින පොතක් අස්සේ තිබී හමුවූ මැකී යමින් පවතින සේයාරුවකි. එකල අපි මෙවන් සොයුරියන්ගෙන් දුටුවේ කඳුලක් නම් නොවේ. එලෙසම අනේ පව් යන හැගීමෙන් සතුටක් ලැබුවේද නැත. ඇය නොදන්නා ඇගේ ශක්තිය ගැන ඇයටත් ඉහලින් කවි කතා ලියා විකුණුවේද නැත. මේවා සිතන්නට ගොස් ජීවිතේ වැරදුනා කියා විවේචනයක් කරනවා විනා සියලු කුණු බෙංගාල බොක්කටයි කියා හරක් හමට තඩි බාන්නා සේ වම්මුන්ට තැලුවේද නැත. තලන්නේද නැත. තැලුවොත් තැලෙන්නේද වම්මුන් නොව, තලන්නාම බව නියමයක් බව දන්නේද වම්මුන් පමණය. වරදින්නට ජීවිතයක් තිබුණා නම් එකල අප වම්මුන්ට ආදරේ කරන්නේද නැත. එහෙත් ඇගේ දුක කඳුල පසක තබා ඇගේ ශක්තිය කැමරාව පින්සලක් කර අැඳ බලා දේවල් සොයන්නට සිතන්නට ගායක් නම් තිබෙන්නට ඇත. ඒ අනිකාගේ සතුට සඳහාම නොව තමාගේද සතුට සඳහා වන්නට පුළුවන. ආලෝක ගැඹුර සම්බන්ධව සෑහීමකට පත් නොවූ බැවින් එය දින පොතක දියවෙන්නට හැර සුරා පොදක් බී කරබාගෙන බොහෝ දේ සිතන්නට ඇත. එය පිළිසකර කර මෙහි පල කරන ලද්දේද ඒ ගායට තවමත් ආදරේ නිසාය. එහෙත් ඒ ගායට සමගාමීව යම් කැක්කුමක් නො තිබුන බව කියන්නටද නුපුළුවන. එහෙයින්ම ඇතැමුන් අපව පිස්සන්, කුණුහරුප වැඩ කරන්නන් වශයෙන් වර්ග කරන්නට බැරි කමක්ද නැත. එහෙත් එවන් ගායක් නොතිබුණා නම් කලාව නම් වූ මිනිස් වැඩකට තවමත් ආදරය කිරීමට හැකියාවක් තිබෙන්නට පුළුවන්කමක්ද නැත.කොටින්ම තමාට තමාම ආදරය කරීමට හැකියාවක් තිබෙන්නටද පුළුවන් කමක් නැත. එකල අපේ පරපුරට ලොකුම පීඩාව වූයේ ආදරය ලැබීමටත් වඩා ආදරය කරන්නට අනෙකෙකු හෝ දෙයක් නැතිවූ හිස් තැනම බව අමතක කරන්නටද කෙසේවත් නොහැක. අද මෙවන් ඉතිරියන්ගේ ඉනේ හෝ පපු පල්ලේ නවීන ජංගම දුරකතනයක් තිබුනා කියා එදා තත්ත්වයේ මහා ලොකු වෙනස් කමක් දකින්නට හතු මෙන් අහසට උසට පිපෙන බැංකු බංකර පවා අපට ඉඩ දෙන්නේද නැත. එහෙත් නව පරපුරක ආදරය ගැන විශ්වාසයක්ද නැත්තේම නැත. මන්ද, ඉලන්දාරි කමට පරිබෝජන අවකාශක උඩ පැන්නාට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මෙවන් අම්මලාගේ හද ගැස්ම සහ මල මුත්රා හඬ අසමින් සිට ජල මල්ලකින් ලේ පෙරාගෙන ලේ ගඳ හමන වපරිසරයක අපේ පරපුරේ දෝතට පැනගත් හදවතක් ඇති දරුවන් නිසාය. බිහිසුණු යුගයක දුගඳ හමන කුණු ගොඩවල් පවා පවිත්ර කරන්නට සිදුවී තිබෙන්නේද ඔවුන්ටම බව අප අමතක කළ යුතු නැත. එහෙයින් මුල් අවධියේ ඔවුන්ගේ දඟකාර හිතුවක්කාර නිදහස් හැසිරීම් රටාව දෙස උපේක්ෂාවෙන් බැලීම බොහෝ කාලෝචිතය. අප පරපුරට මෙන් ඔවුන්ගේ පරපුරටද ඉසිඹුවක් නම් කිසි සේත්ම උරුම විය නොහැකි බවද කවුරු කවුරුත් තරයේ මතක තබාගත යුතුය….
(මතු)
Like this:
Like Loading...