ඔහු නොදුටු රූ –
අදට තුන්මසකට පෙර අප විසින් 1985 දී වේදිකාගත කළ “පරවේණි” නාට්‍යයේ වේදිකා පරිපාලක සතිස්චන්ද්‍ර වික්‍රමරත්න සහෘදයා මතකය පමණක් ඉතිරි කර අපෙන් සමුගත්තේ ඔහුටත් හොරා කීවොත් වරදක් නැත. මරදගහමුල දිවිගෙවූ ඔහු උගතෙක්, බුද්ධිමතෙක්, විප්ලව වාදියෙකු වෙන්නට ගොස් සිරගත වී මරණයෙන් අනූනවයෙන් දිවිබේරාගත් ශුවිශේෂ මිනිසෙකු ලෙස හැඳින්විය හැකි උවත් සියල්ලටම වඩා ඔහුව හඳුන්වා දීමට සුදුසු වන්නේ උඩ දාන්නට තරම් දේවල් තිබියදීත් නිහඩව අල්පේක්ෂ ජීවිතයක් ගෙවූ සැබෑ ආදරය හදේ පුරවාගෙන නිර්ලෝභීව සැමට බෙදාදුන් අව්‍යාජ මිනිසෙකු ලෙසයි. අහම්බෙන් සිම්පතක ඉතිරිවී තිබි ඔහු නොදුටු රූප වැලක් මෙහි අමුනා ඇත්තේ ඔහුගේ හද දන්නා කවුරුන් හෝ වෙතොත් ඔවුන්ගේ ඇස පිනවීමටත් වඩා ඔහු සිය මිතුරන්ට තිබි නිරවුල් ආදරය යලි සිහිපත් කිරීම සඳහාය. සැබෑ ලෝකය මහ පොළවේ සිට අවබෝධ කර ගැනීමට උත්සාහ කර මිතුරන්ට පමණක් නොව අනෙකුන්ටද සිය ආදරය බෙදා හදා දී මෙලෙස නිහඩව ලොවින් සමුගත් එකම මිනිසා ඔහු පමණක් නොවන වග අප නොදන්නවා නොවේ. සැබෑවටම මේ සටහන තැබුවේ ඔවුන්ගේ ආදරය වෙනුවෙන් ආදරයටම පමණක් බවද සටහන් කළ යුතුමය